මාර්.11-සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් පැහැරගනු ලැබු නෞකාව සහ එහි සිටින ශ්‍රි ලාංකිකයින් 13 දෙනා නිදහස් කර ගැනීම සදහා කප්පම් ලබා දීමේ එකගතාවයකට පැමිණ ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසීය.
ජෙඩාහි පිහිටි නැව් සමාගමෙහි මෙරට නියෝජිත සමාගමෙහි අධ්‍යක්ෂ එස්.එස්.ආර්. කුමාර් මහතා ත්‍රිකුණාමලයේ සිට දුරකථනයෙන් සම්බන්ධ වෙමින් සදහන් කළේ එම නෞකාවේ සිටින 8 දෙනෙකු කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවය.තවත් 5 දෙනෙකු යාපනයේ පදිංචිකරුවන් වේ.














