මාර්.11- 1998 වසරේ මාර්තු 05 වැනි දින මරදාන පොලිස්ථානය අසලට එල්ල වු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය පැවසුවේ, එම සැකකරු අදාළ ප්‍රහාරයට සම්බන්ධ බස්රථය මඩකලපුවේ සිට කොළඹට රැගෙන ආ බවට තොරතුරු හෙළි වී ඇති බවය.සැකකරු එරාවුර්හි කුමාරවේලි ගම්මානයේදී අත්අඩංගුවට පත්විය.
ආරක්ෂක අංශ සාමාජිකයින් ඝාතනය කිරිම, මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර ඇතුළු ත්‍රස්තවාදි ක්‍රියා රැසකට අදාළ සැකකරු සම්බන්ධ බවට හෙළි වී ඇතැයි, පොලීසිය පැවසීය.














