Ethalaya.com

Text size
  • Increase font size
  • Default font size
  • Decrease font size

කෝටි 24ක් වටිනා හෙරොයින් තොගයක් සොයා ගනී

E-mail Print PDF

මාර්.11- හලාවත ,නල්ලදරන්කට්ටුව, මුතුපන්තිය ප්‍රදේශයේ සගවා තිබූ රුපියල් කෝටි 24 ක් වටිනා හෙරොයින් තොගයක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් සොයා‍ ගනු ලැබ තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ‍පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා සදහන් කළේ,   කිලෝග්‍රැම් 40 යි ග්‍රෑම් 812 යි මිලිග්‍රෑම් 700 ක බරකින් යුතු හොරොයින් තොගයක් එලෙස සොයා ගෙන ඇති බවය.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය කළ විශාලතම වැටලීම එය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.

පසුගිය පෙබරවාරි මාසයේ කල්පිටිය ප්‍රදේශයේදි හෙරොයින් කිලෝග්‍රෑම් 30 ක් සොයා ගත් අතර ඒ සම්බන්ධයෙන් පරික්ෂණ ක්‍රියාත්මක කිරිමේදි ඊට අදාළ සැකකරු පසුගිය 6 වෙනිදා විදේශ රටකට පැනයාමට තැත් කරද්දි අත්අඩංගුවට පත්විය.

අදාළ සැකකරුගෙන් කළ ප්‍රශ්න  කිරීම් වලින් අනතුරුව අදාළ හෙරොයින් තොගය සොයා ගැනීමට හැකි වු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.