Ethalaya.com

Text size
  • Increase font size
  • Default font size
  • Decrease font size

කළු ගගට මුහුදු ජලය මිශ්‍රවීමේ අවදානමක්

E-mail Print PDF

මාර්.12- කළු ගඟට මුහුදු ජලය මිශ්‍ර විමේ අවදානමක් පවතින බව ජාතික ජලසම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය පැවසීය.

එහි සමාන්‍යාධිකාරි ලාල් ප්‍රේමනාත් මහතා ප්‍රකාශ කළේ, කළු ගගේ ජල මට්ටම මුහුදු ජල මට්ටමට වඩා පහළ යාම ඊට හේතුව බවය.

ඒ  හේතුවෙන් ලුණු මිශ්‍ර විමක් ද විය හැකි බව  ඔහු සදහන් කළේය.

වියලි කාළගුණයත් සමග ජනතාවගේ ජල පාරිභෝජනය  ඉහළ ගොස් තිබේ.

ඒ හේතුවෙන්, උස් ප්‍රදේශවලට ජලය ගමන් කිරිමේ අඩුවක් පවතින බව ප්‍රේමනාත් මහතා සඳහන් කළේය.

සාමාන්‍යාධිකාරිවරයා පැවසුවේ, පවතින තත්ත්වය මත , දැනට ජලසම්පාදන මණ්ඩලයට, ජල පවිත්‍රාගාරවලින් පිරිසිදු කර ලබාගන්නා ජල ප්‍රමාණය වැඩි කළ නොහැකි බවය.