Ethalaya.com

Text size
  • Increase font size
  • Default font size
  • Decrease font size

දින 12ට ඩෙංගු රෝගීන් 507ක් !

E-mail Print PDF

මාර්.12- වසරේ ගත වු දින 12 තුළ ඩෙංගු රෝගීන් 507 දෙනෙකු වාර්තා වි ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පැවසීය.

වසරේ ගත වු කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 9609 කි.

වැඩිම  රෝගින් සංඛ්‍යාව  යාපනය දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එය  1,714 කි.

ගම්පහ ‍දිස්ත්‍රික්කයෙන් රෝගින් 1,205 දෙනෙකු සහ කොළඹ ‍දිස්ත්‍රික්කයෙන් රෝගින් 1,194 දෙනෙකු වාර්තා වී ඇතැයි, වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය.


ඊට අමතරව ත්‍රිකුණාමලය, පුත්තලම, කල්මුණේ සහ වවුනියාව, සහ කුරුණෑගල  දිස්ත්‍රික්කවලින් ඩෙංගු රෝගීන් වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පැවසීය.

ඒ අතර පසුගිය වර්ෂයේදී‍ මෙන් 2010 වර්ෂයේදී  ද මහනුවර දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් ව්‍යාප්තවිමේ දැඩි අවදානමක් ඇතැයි, සෞඛ්‍ය අංශ පැවසීය.

මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එස්.ඒ.කේ. ගමගේ මහතා පැවසුවේ, කුණ්ඩසාලේ , යටිනුවර, උඩුනුවර, වත්තේගම හා මහනුවර  නාගරික කලාපවල රෝගය ව්‍යාප්තවීමේ අවදානම වැඩි බවය.

ඩෙංගු රෝගය හේතුවෙන් පසුගිය වර්ෂයේ මහනුවර දිස්ත්‍රික්කයේ  37 කට ආසන්න පුද්ගලයින් සංඛ්‍යාවක් ජීවික්ෂයට පත් වුහ.

2010 වර්ෂයේ පුද්ගලයෝ 4,000 කට ආසන්න සංඛ්‍යාවක් රෝගයට ගොදුරු වුහ.

මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එස්.ඒ.කේ. ගමගේ මහතා සදහන් කළේ, වර්ෂයේ මේ දක්වා රෝගීන් 400 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වි ඇති බවය.

ගෙවෙන වසර තුළ රෝගීන් දෙදෙනකු  ‍මියගොස් තිබේ.

ඩෙංගු රෝග ව්‍යාප්තිය වැළැක්විම සදහා ඩෙංගු මර්දන සතියක් ලබන 15 වැනි දින සිට ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එස්.ඒ.කේ. ගමගේ මහතා ප්‍රකාශ කළේය.