Ethalaya.com

Text size
  • Increase font size
  • Default font size
  • Decrease font size

ෆොන්සේකා වෙනුවෙන් තවත් පෙත්සමක්

E-mail Print PDF

මාර්.12- හමුදා අත්අඩංගුවේ පසුවන ජෙනරල්  ෆොන්සේකා මහතා අභියාචනාධිකරණය හමුවට ඉදිරිපත් කර නිදහස් කරන්නැයි ඉල්ලා අනෝමා ෆොන්සේකා මහත්මිය අභියාචනාධිකරණයට හබයාස් කෝපස් පෙත්සමක් ගොනුකර තිබේ.

අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජෙනරල් සරත් ෆොන්සේකා , හමුදාපති ‍ලුතිනන් ජෙනරල් ජගත් ජයසුරිය, යුධ හමුදා පොලිසියේ ප්‍රධානි බ්‍රිගේඩියර් ඊ.කේ.ජේ.කේ විජේසිරි සහ නාවික හමුදාපති වයිස් අද්මිරල් ටි.එස්.ජි. සමරසිංහ හා නීතිපතිවරයා නම් කර තිබේ.

ජෙනරල් සරත් ෆොන්සේකා මහතා  ත්‍රස්තවාදය පරාජය කිරීමට ශ්‍රි ලංකා හමුදාවට නායකත්වය දුන් බව පෙත්සම්කාරිය පවසා ඇත.

 තවද  ඔහු අති දක්ෂ හමුදාපතිවරයෙකු ලෙස වත්මන් ආරක්ෂක ලේකම්වරයා ද පිළිගෙන ඇතැයි, පෙන්වා දී තිබේ.

දැනට යුධ හමුදාවෙන් ඉවත්ව සිටීම හේතුවෙන් ෆොන්සේකා මහතා හමුදා පාලනයට නතු නොවන පුද්ගලයෙකු බවද පෙත්සමේ සඳහන් වේ.

එබැවින් ජෙනරල් ෆොන්සේකා මහතා අභියාචනාධිකරණයට ඉදිරිපත් කොට රටේ සාමාන්‍ය නීතිය අනුව කටයුතු කරන ලෙස අනෝමා ෆොන්සේකා මහත්මිය ඉල්ලා ඇත.

අධිකරණයට උචිත යැයි සිතන කෝන්දේසි සහිතව ෆොන්සේකා මහතා නිදහස් කරන ලෙස ෆොන්සේකා මහත්මිය අදාළ පෙත්සම මගින්  වැඩිදුරටත් ඉල්ලා සිටී.