Ethalaya.com

Text size
  • Increase font size
  • Default font size
  • Decrease font size

කොළඹ නගරයේ ඇසැබි දැන්වීම් පුවරු 40 ක් ඉවත් කිරීමට පියවර

E-mail Print PDF
ජූලි.30- කොළඹ නගරයේ ප්‍රදර්ශනය කර ඇති ඇසැබි දැන්වීම් පුවරු 40 ක් ඉවත් කිරීමට පියවරගෙන ඇති බව පොලිස් ළමා හා කාන්තා කාර්යංශය පැවසීය.
එම කාර්යංශය පැවසුවේ එයින් දැන්වීම් පුවරු 22 ක් මේ වන විටත් ඉවත් කර ඇති බවය.

ඉතිරි ඇසැබි දැන්වීම් පුවරු ඉවත් කිරීම සදහා අදාළ ආයතන වලට ලබන 4 වෙනිදා දක්වා කල් ලබා දී ඇති බවද පොලිස් ළමා හා කාන්තා කාර්යංශය සදහන් කළේය.

මේ අතර කොළඹ අවට ප්‍රදේශ වල පිහිටුවා ඇති අසැබි දැන්වීම් පුවරු හදුනා ගැනීම සදහා විශේෂ වැඩපිළිවලක්ද සැලසුම් කර තිබේ.

පොලිස් ළමා හා කාන්තා කාර්යංශය පැවසුවේ අසැබි දැන්වීම් පුවරු ඇති බවට ගම්පහ, හොරණ, ජා-ඇල ඇතුළු ප්‍රදේශ රැසකින් පැමිණිලි ලැබී ඇති බවය.

ඒ අනුව අදාළ ප්‍රදේශ වල ඇති එවැනි දැන්වීම් පුවරු ඉවත් කිරීම සදහා පියවර ගන්නා බව එම කාර්යංශය සදහන් කළේය.

එම දැන්වීම් පුවරු හදුනා ගැනීම සදහා ඉදිරි සතියේ සිට කටයුතු කිරීමටද පොලිස් ළමා හා කාන්තා කාර්යංශය සැලසුම් කර තිබේ.