ජූලි.30- ශ්‍රි ලංකාවට ආවේනික ශාඛවල ජාන සොරකම් කිරිම සම්බන්ධයෙන් වරද පිළිගත් අයර්ලන්ත ජාතික යුවලකට නුරවඑළිය මහේස්ත්‍රාත් අධිකරණය දඩ නියම කළේය.
ඒ අදාළ විදේශික යුවල සහ තවත් මෙරට පුද්ගලයකු අද නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.
විදේශික යුවලට රුපියල් 85,000 බැගින් දඩ නියම කළ අතර අනෙක් පුද්ගලයාට රුපියල් 60,000 දඩයක් නියම කෙරිණි.
දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ශ්‍රි ලංකාවට ආවේනික ශාක වර්ග 150 ක් 200 ත් අතර ප්‍රමාණයක ජාන සොරකම් කළ බවට අදාළ විදේශික යුවල අත්අඩංගුවට ගෙන තිබේ.
හෝර්ටන්තැන්න නියෝජ්‍ය උද්‍යාන භාරකරු මනෝජ් විද්‍යාරත්න මහතා පැවසුවේ හෝටර්න්තැන්න රක්ෂිතයේ ශාක එක්රැස් කරමින් සිටියදී අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගත් බවය.
ඔවුන් පොළොන්නරුව, අනුරාධපුරය, සීගිරිය, ලාහුගල, ආරුගම්බේ, සියඹලාආණ්ඩුව, සිංහරාජ, හග්ගල ඇතුළු විවිධ ප්‍රදේශවලින් ශාක වර්ග එක්රැස් කර ඇති බව පරික්ෂණ වලදී හෙලි වී ඇති බවද විද්‍යාරත්න මහතා සදහන් කළේය.
ඔහු පැවසුවේ සැකකරුවන් අද අධිකරණයේදී වරද පිළිගත් බවය.














