Ethalaya.com

Text size
  • Increase font size
  • Default font size
  • Decrease font size

දෙවන ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව අවසන්, තරගයේ වීරයා සංගක්කාර

E-mail Print PDF

ජූලි.30- ඉන්දු - ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියේ දෙවන ටෙස්ට් තරගය අද ජය පරාජයෙන් තොරව අවසන් විය.

තරගය නිමාවන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 129 ක් ලබා ගත්තේය.

නොදැවී ක්‍රීඩා කළ කුමාර් සංගක්කාර ලකුණු 42 ක් ලබාගත් අතර තිලාන් සමරවීර ලකුණු 10 ක් ලබා ගැනීමට සමත් විය.

පන්දු යැවීමේදි අභිමන්යු මිතුන්, විරේන්ද්‍ර ෂෙවාග් හා හර්බජාන් සිං කඩුලු 1 බැගින් දවා ගත්තේය.

තරගය එස්.එස්.සී.ක්‍රීඩාංගණයේදි පැවති අතර අද දිනය ආරම්භ වනවිට සිය ප්‍රථම ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දීය කණ්ඩායම කඩුලු 9 ක් දැවී ලකුණු 669 ක් රැස් කරගෙන සිටියේය.

ඉන්දීය කණ්ඩායම සිය ප්‍රථම ඉනිමට සියලුදෙනා දැවී ලකුණු 707 ක් ලබා ගැනීමට සමත් විය.

ඉන්දීය ප්‍රථම ඉනිමේ අවසන් කඩුල්ල ලෙස ඉෂාන්ට් ෂර්මා දැවී ගියේය.

ෂර්මාගේ කඩුල්ල දිල්හාර ප්‍රනාන්දු විසින් දවා ගැනීමට සමත් විය.

ඒ අනුව ඉන්දි කණ්ඩායම ශ්‍රී ලංකාවට වඩා ප්‍රථම ඉනිමේ ලකුණු 65 ක් ඉදිරියෙන් සිටියේය.

තරගයේ කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම සිය ප්‍රථම ඉනිමට කඩුලු 4 ක් දැවී ලකුණු 642 ක් ලබා ගනිමින් ඉනිම අත්හිටුවීමට තීරණය කළේය.

පන්දුවට පහරදීමේදි තරංග පරණවිතාන ලකුණු 100 ක් ලබා ගත්තේය.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ නායක කුමාර් සංගක්කාර ලකුණු 219 ක් ලබාගත් අතර මහේල ජයවර්ධන ලකුණු 174 ක් ලබා ගැනීමට සමත්විය.

පන්දු යැවීමේදි ඉෂාන්ට ෂර්මා, ප්‍රග්‍යන් ඕජා,  විරේන්ද්‍ර ෂෙවාග් හා හර්බජාන් සිං කඩුලු 1 බැගින් දවා ගත්තේය.

සිය ප්‍රථම ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 707 ක් ලබා ගැනීමට සමත් විය.

සචින් තෙන්ඩුල්කාර් ලකුණු 203 ක් ලබා ගැනීමට සමත්විය.

සුරේෂ් රෙයිනා ලකුණු 120 ක් ලබාගත් අතර විරේන්ද්‍ර ශෙවාග් ලකුණු 99 ක් ලබා ගත්තේය.

පන්දු යැවීමේදි අජන්ත මෙන්ඩිස් කඩුලු 4 ක් ලබාගත් අතර තිලකරත්න ඩිල්ෂාන් කඩුලු 3 ක් දවා ගත්තේය.

සුරාජ් රන්දිව් කඩුලු 2 ක් දවාගත් අතර දිල්හාර ප්‍රනාන්දු කඩුලු 1 ක් ලබා ගැනීමට සමත් විය.

තරගයේ වීරයා සම්මානය ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුමාර් සංගක්කාරට හිමිවිය.

තෙවන හා අවසන් ටෙස්ට් තරගය අගෝස්තු 03 වෙනිදා පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදි ආරම්භවීමට නියමිතය.

 

තරගයේ ලකුණු පුවරුව