Ethalaya.com

Text size
  • Increase font size
  • Default font size
  • Decrease font size

අත්වැරැද්දකින් එච්.අයි.වී. ආසාධනය වූ පුද්ගලයකුට රජයෙන් වන්දි

E-mail Print PDF

ජූලි.31- රුධිර පාරවිලයනයකදී එච්.අයි.වී.ඒඩ්ස් ආසාධනය වූ පුද්ගලයකුට රුපියල් ලක්ෂ හතහමාරක වන්දියක් ලබාදීමට රජය තීරණය කර තිබේ.

සෞඛ්‍යය අමාත්‍යංශය ප්‍රකාශ කළේ මීට වසර 20 කට පෙර මාස ගණනක් වයසැති ලදරුවකු සිටි අවධියේදී එම පුද්ගලයාට රජයේ රෝහලකින් රුධිරය ලබාදී තිබේ.

හදීසි අවශ්‍යතාවක් සඳහා එම අවස්ථාවේම ලබාගත් රුධිරය ඔහුට ලබාදී ඇති අතර එම රුධිරයේ එච්.අයි.වී.වෛරසය තිබූ බවට පසුව හෙලිවිය.

ඒ සම්බන්ධයෙන් සලකා බලා අදාළ පුද්ගලයාට වන්දි ප්‍රදානය සිදුකළ බව අමාත්‍යංශය සඳහන් කළේය.

අදාළ පුද්ගලයා ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.