ජූලි.31- අපේ ජාතික වනෝද්‍යාන අතර උඩවලව ජාතික වනෝද්‍යාන හිමිවන්නේ විශේෂ ස්ථානයකි.
එංගලන්තයේ නැගෙනහිර මිඩ්ලන්ඩ්ස්හී ට්වයික්‍රොස් සත්වෝද්‍යානයේ එම උඩවල ඉදිකර තිබේ.
පසුගිය බදාදා එය විවෘත කෙරුණේ එංගලන්තයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් විනිසුරු නිහාල් ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.
ශ්‍රී ලංකාවේ වාසය කරන අලි ඇතුන් හා ඔවුන්ගේ චර්යාවන් දැක බලාගැනීම සදහා සත්ත්වලෝලීන්ට අවකාශ සැලසීම එහි අරමුණ වේ.
එංගලන්තයේ උඩවලව ඉදිකිරීමට වැයකර ඇති මුදල ස්ටර්ලිං පවුම් මිලියනයකි.
එම සුවිශේෂී පෙදෙස ශ්‍රී ලංකාවේ පැරණි ගම්මානයක අසිරියද එකතු කරගනිමින් අලංකාර කර තිබේ.
එංගලන්තයේ මහකොමසාරිස්වරයා පැවසුවේ ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනයටද එම උඩවලව මහත් රැකුලක් වනුඇති බවය.














