ජූලි.31- ගෘහස්තව හා ආයතනික වශයෙන් නිපදවන සූර්ය බලශක්තිය ජාතික විදුලිබල පද්ධතියට අලෙවිකිරිමේ පහසුකම් සහිත නෙට් මීටර් ක්‍රමය ඊයේ කොළඹදී ක්‍රියාවට නැංවිය.
පාරිභෝගිකයා සතු විදුලි ජනන පද්ධතියෙන් නිෂ්පාදනය කෙරෙන අතිරේක විදුලි බලය ලංකා විදුලි බල මණ්ඩලයට අලෙවි කිරිමට පහසුකම් සැලසීමේ හැකියාව නෙට් මීටර් විදුලි පද්ධති ක්‍රමයකදී සිදුකරනු ලැබේ. .
එවැනි ප්‍රථම විදුලිබල පද්ධතිය විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පෙන්වා දුන්නේ රාජ්‍ය ආයතනවලටද ඉදිරියේදි අදාළ ක්‍රමය හදුන්වාදෙන බවය.