නව අක්ෂි බැංකුවක් සඳහා තාක්ෂණික සහයෝගීතාව සිංගප්පූරුවේ ජාතික අක්ෂි ආයතනය මගින් ලබා දෙනු ඇත.
ඉදිරියේදී හදිසි අනතුරුවලින් මියයන පුද්ගලයින්ගේ ඇස් ඔවුන්ගේ ඥාතීන්ගේ කැමැත්ත මත ලබා ගැනීමේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කරන බව කොළඹ නයනාරෝග්‍යශාලාවේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා ප්‍රකාශ කළේය.
වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, අක්ෂි බැංකුව හරහා ආසියානු කලාපයේ වෙනත් රටවලටද ඇස් පරිත්‍යාග කිරීමට සැලසුම් කර ඇති බවය.














