!!WARN_FL1!!
සැප්.02- ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවගේ ශරීරයට ඝණ ද්‍රව්‍ය ඇතුලු කරඇති බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් බොහෝ සැක පවතින බව කොළඹ සෞදි අරාබියානු තානාපති කාර්යාලය පැවසීය.
එම කාර්යාලයේ මාධ්‍ය නිලධාරීවරයා නිකුත් කළ නිවේදනයක සදහන් වන්නේ එම ගෘහ සේවිකාවගේ ශ...
සැප්.02- ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවකට සෞදි අරාබියේදී සිය සේව්‍යා විසින් ඇණ ගසා වදහිංසා කළ බවට...
සැප්.02-
විද්‍යා අංශයෙන් උසස් පෙළ විභාගයට පෙනීසිට විශ්ව විද්‍යාල වරම් නොලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් හෙද සේවයට අනුයුක්ත කර ගැනීමේ වැඩපිළිවෙලක් සෞඛ්‍ය අමාත්‍යංශය ආරම්භ කර තිබේ.
සැප්.02-
මෙරට අවතැන්වූවන් යළි පදිංචි කිරිම හා උතුරේ සංවර්ධන වැඩපිළිවෙල පිළිබද සතුටට පත්වන බව ඉන්දීය විදේශ ලේකම් නිරූපමා රාඹ් මහත්මිය පැවසීය.
සැප්.02-
දුම්රිය කාලසටහනට සමගාමීව ලංගම බස් රථ යෙදවීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
සැප්.02-
කිරිබත්ගොඩ ප්‍රදේශයේ හෝටලයක් තුළ සගවා තිබූ නීති විරෝධීව මෙරටට ගෙන්වා ඇති බවට සැකකෙරෙන ඖෂධ තොගයක් පොලීසිය භාරයට ගෙන තිබේ.
සැප්.02- ශ්‍රි ලංකා නිදහස් පක්ෂය අද සිය 59 වෙනි සංවත්සරය සමරනු ලැබේ.
සැප්.02-
අනුරාධපුර පොලිසියේ සැරයන්වරයකු සහ කොස්තාපල්වරියක වන ඔහුගේ බිරිද එකම අංකය සහිත යතුරු පැදි දෙකක් පදවා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
සැප්.02-
රක්ෂිත බන්ධනාගාරගතව සිටි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා අද ඇප මත මුදා හැරිණි.
සැප්.02-
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබද විවාදය එක් දිනකින් අවසන් කිරීමට පක්ෂ නායකවරු අද එකග වුහ.
සැප්.01-
යෝජිත 18 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත තුළින් ආණ්ඩුවේ දෙපිඩි පිළිවෙත ඒකාධිපති වියරුව මුළු රටටම අද හෙලිදරව් වී ඇතැයි එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.