Go to pivisuma Exchange rates Horoscope Write to editor Archive
 
   
 
 
 
 
 
ජෙයරාජ්ගේ ජීවිතයෙන් බිඳක්

1953 ජනවාරි 11 වැනිදා උපත ලැබූ අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා මූලික අධ්‍යාපනය ලැබුවේ, මීගමුව ආවේ මරියා කන්‍යාරාමය සහ මාරිස්ටෙලා යන විද්‍යාලයෙන්ගෙනි.

ළමා කාලයේ සිටම දක්ෂ කථිකයෙකුවූ ප්‍රනාන්දුපුල්ලේ මහතා ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ශිෂ්‍යයෙකුව සිටියදී කථිකත්වය වෙනුවෙන් ජුරියේ විශේෂ රීදී පදක්කම පවා දිනා ගත්‌තේය.

1977 දී නීතිඥයෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ඇරඹූ ප්‍රනාන්දුපුල්ලේ මහතා දක්ෂ නීතිඥයෙකු ලෙස සිය හැකියාව ප්‍රකට කළේය.

1983 දී කටාන ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා බවට පත්වූ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා 1989 වසරේදී පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමිනි.

1993 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලයට තේරී පත්වූ ඔහු පක්ෂයේ නියෝජ්‍ය ලේකම්වරයා ද විය.

1994 දී දෙවන වරටත් පාර්ලිමේන්තුවට තේරීපත්වූ ඒ මහතා මුදල්, වාර්ගික කටයුතු හා ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් විණි.

පසුව එම වසරේදීම ඔහු සැලසුම් ක්‍රියාත්මක කිරීමේ හා ජාතික ඒකාබද්ධතා හා වාර්ගික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් විය.

2000 වසරේදී යලිත් තුන්වන වරටත් පාර්ලිමේන්තුවට තේරීපත්වූ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා පාර්ලිමේන්තු තේරීම් කමිටු ගණනාවක සභාපතිවරයා මෙන්ම නියෝජිතයෙකු ලෙස ද ක්‍රියා කළේය.

2004 වසරේදී යළි පාර්ලිමේන්තුවට තේරීපත්වූ ප්‍රනාන්දුපුල්ලේ මහතාට හිමිවුයේ වෙළෙද, වාණිජ , පාරිභෝගික කටයුතු අමාත්‍යධුරයයි.

එතැන් සිට ඔහු පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ද විය.

වසර 2005 ජනාධිපතිවරණයෙන් අනතුරුව වෙ‌ළෙද, වාණිජ, පාරිභෝගික කටයුතු හා අලෙවි සංවර්ධන මෙන්ම මහාමාර්ග අමාත්‍යධුරයද ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාට පිරිනැමිණි.

ශ්‍රි ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර සම්මේලන ගණනාවකට සහභාගිවී ඇති ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා ලෝක වෙළෙද සංවිධානයේ 6 වැනි අමාත්‍ය සමුළුව මෙන්ම 1994 මෝල්ටාහි පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය වෙළෙද අමාත්‍යවරුන්ගේ සම්මේලනයේදී ද ශ්‍රී ලංකාව නියෝජනය කළේය.

ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ අධ්‍යාපන සංවර්ධන පදනමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ඔහු සෑම වසරකම දිළිදු දරුවන්ට ශිෂ්‍යත්ව 1500 ක් පිරිනැමීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කරමින් විශාල වශයෙන් සමාජ සුබසාධන කටයුතුවලද නිරත විය.

එවන් පුළුල් වූ සිය සමාජ හා දේශපාලන මෙහෙවර අවසන් කරමින් අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා අද (2008 අප්‍රේල් 06) සිය දිවියෙන් සමුගත්තේය.

ෂෙල් ගෑස් රු. 20 කින් අඩුවෙයි
ජවිපෙ නාගරික මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වෙයි
දිනුවොත් සන්නද්ධ කණ්ඩායම් නිරායුධ කිරීමේ පනතක්
මැතිවරණය කල්දැමීමට ප්‍රතිපාදන නැහැ - කොමසාරිස්
වැලිඔයට එල්.ටි.ටී.ඊ. කාලතුවක්කු ප්‍රහාර
ටිල්වින්ගෙන් විමල්ට පිළිතුරු
ගෑස් සහ කිරිපිටි මිල යළි වැඩි කිරීමට ඉල්ලීම්
සහල් මෙට්රික් ටොන් 7000ක් ලබන සතියේ දිවයිනට
අමාත්‍ය මර්වින් සිල්වා දැඩි සත්කාර ඒකකයේ
නව දේශපාලන ව්‍යාපාරයක් අරඹනවා
- විමල්

අප්‍රේල් 29 - නව දේශපාලන ව්‍යාපාරයක් ඇරඹීමට සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

අද කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වූ වීරවංශ මහතා පැවසුවේ පක්‍ෂය තුළ මතුවූ අර්බුදය පිළිබඳව තම පිරිස සමග සාකච්ඡා කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණට ලබන මස (මැයි) පළමුවැනිදා තෙක් කල් දී ඇති බවය.

මෙතෙක් ඊට සුබවාදී පිලිතුරක් ලැබී නැති බව කී වීරවංශ මහතා පළමුවැනිදාට පෙර එය ඉටු නොවුවහොත් නව දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම කෙරෙහි යොමුවන බවය.

 

 
 
 
 
 
 
 
 
Go to pivisuma Exchange rates Horoscope Write to editor Archive
 
Privacy Statment