
රෝමය
මෙවර සිංහල අවුරුද්ද වෙනුවෙන් දැයට නවහිරු මැයෙන්
ඉතාලියේ රෝම නගරයේ TORRE DI QUINTO (PONTE MILVO අසල)හිදී බක්
මහ උළෙලක් පසුගිය 20 වනදා (ඉරුදින) පැවැත්විණ.
රෝමයේ බෞද්ධ විහාරයේ මෙහෙයවීමෙන් එම බක් මහ උළෙල
සංවිධානය කර තිබිණ.
සිඟිති අවුරුදු කුමරිය තේරීම, කොට්ට පොර ඇතුළු
විවිධ අංගවලින් සමන්විත වූ එම අවුරුදු උළෙල, ශ්‍රී ලාංකික කලා
ශිල්පීන් සහභාගී වන සංගීත ප්‍රසංගයකින් ද හැඩ ගැන්විණ.
  
මිලානෝ
ඉතාලියේ මිලානෝ නගරයේදී ද මෙවර අවුරුදු උත්සවයක්
සංවිධානය කර තිබේ.
ඉතාලි - ශ්‍රී ලංකා සහයෝගිතා සංවිධානය ඇතුළු සංවිධාන
රැසක එකමුතුවෙන් මෙම උත්සවය පැවැත්වෙන්නේ, අප්‍රේල් මස 27 වනදාය.
මිලානෝ ඉද්‍රොස්කාලෝහිදී මෙය පෙරවරු 10.00 සිට
රාත්‍රී 11.30 දක්වා පැවැත්වේ.
මෙහි ක්‍රීඩා උළෙල පෙරවරු 10.00 සිට පස්වරු 5.30
දක්වා ත් සංස්කෘතික උළෙල පස්වරු 6.30 සිට රාත්‍රී 11.30 දක්වා
ත් පැවැත්වීමට සංවිධායකයින් කටයුතු යොදා ඇත.
මෙහිදී පොල් ගෑම, කණා මුට්ටි බිඳීම, සිඟිති අවුරුදු
කුමරිය තේරීම, බනිස් කෑම, කිරි පැණි කෑම, අලියාට ඇස තැබීම, ගෝනි
රේස්, මැරතන් තරගය, තුන්පා දිවීම, මීටර් 25/75/100/200/400 සහය
දිවීම, සැඟවුණු අමුත්තා සෙවීම, දෙහි ගෙඩිය හැන්දේ තබාගෙන දිවීම,
ඉඳිකටුවට නූල දැමීම ඇතුළු තරග රැසකට සහභාගි වීමට අවස්ථාව උදා
වනු ඇත. |