මැයි 01 - ධනවත් රටවල ආර්ථික අස්ථායීතාවක් මතුවෙමින් පැවතියද, දුගී රටවල ආහාර මිල ඉහළ ගියද, ලොව පුරා ජංගම දුරකතන සඳහා ඇති අධික ඉල්ලුමෙහි නම් වෙනසක් නැති බව සමීක්‍ෂණවලින් පෙන්නුම් කරයි.
ඒ පිළිබඳව සමීක්‍ෂණයක යෙදුනු Strategy Analytics ආයතනය පෙන්වා දෙන පරිදි මෙම වසරේ පළමු මාස තුන තුළදී ජංගම දුරකතන මිලියන 282 ක් ලොව පුරා නැව්ගත කර තිබේ.
එය මීට වසරකට පෙර තිබූ තත්ත්වයට වඩා 14% ක් ඉහළ යාමකි.
ආසියානු සහ අප්‍රිකානු වෙළෙඳපොල තුළ ජංගම දුරකතන සඳහා වැඩි වෙමින් පවතින ඉල්ලුම, එම වර්ධනයට හේතු වී ඇති බව Strategy Analytics ආයතනය පවසයි.
මැයි 01 - ලෝක ව්‍යාප්ත ජාලය (world wide web) තවමත් පසුවන්නේ එහි ළදරු අවධියේ බව එහි නිපැයුම්කරු වන ශ්‍රීමත් ටිම් බර්නර්ස් ලී පවසයි.
ලෝක ව්‍යාප්ත ජාලයේ කේතය පොදු භාවිතයට එක් කිරීමේ 15 වැනි සංවත්සරය අභියසදී ශ්‍රීමත් බර්නර්ස් ලී පැවසුවේ ලොවේ ඇති සියලුම දත්ත, අනාගත ලෝක ව්‍යාප්ත ජාලය මගින් එය භාවිත කරන සෑම අයෙකුගේම ඇඟිලි තුඩු අගට ගෙනෙනු ඇති බවය.
ඇතැම් අයහපත් දේ පැවතියද, මිනිසුන්ට විශාල වැඩකොටසක් ඉටු කර ගත හැකි වටිනා මෙවලමක් බවට ලෝක ව්‍යාප්ත ජාලය පත්ව ඇතැයි ඔහු කියා සිටී.
ලෝක ව්‍යාප්ත ජාලය පොදු ව්‍යවහාරයට පත්වූ දා සිට එය ව්‍යාප්තව ගොස් අද වන විට ලොව පුරා වෙබ් අඩවි මිලියන 165 ක් පමණ ඇතැයි ඉන්ටර්නෙට් පර්යේෂණ ආයතනයක් වන Netcraft පවසයි.
ලෝක ව්‍යාප්ත ජාලයේ අනාගතය පිළිබඳ බෙහෙවින් සුබවාදීව අදහස් පළ කරන ශ්‍රීමත් ටිම් බර්නර්ස් ලී, මිහිතලය කළමනාකරණය සඳහා ලෝක ව්‍යාප්ත ජාලය උපකාරී වන දිනයක් දැකගත හැකි බවට අනාවැකි පළ කරයි.
මැයි 10 - අද පැවති නැගෙනහිර පළාත් සභා මැතිවරණයේදී නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් පැවති අපේක්ෂා බිඳ වැටුණු බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වන ජනතා ව්‍යාපාරය හෙවත් කැෆේ සංවිධානය පවසයි.
නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වන ජනතා ව්‍යාපාරයේ මාධ්‍ය සම්බන්ධීකාරක කීර්ති තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේ, ඡන්ද දූෂණ රැසක් තමන්ට වාර්තා වූ බවය.
ඇතැම් ඡන්ද මධ්‍යස්ථානවල නිරීක්ෂණ කටයුතු සඳහා තම සාමාජිකයින්ට අවස්ථාව නොලැබුණු බව ද කීර්ති තෙන්නකෝන් මහතා පැවසීය.