මැයි 16 - කොළඹ කොටුව සම්බුද්ධාලෝක විහාරය අසල සිදුවූ බෝම්බ පිපිරීමෙන් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් ඇතැයි හමුදා ප්‍රකාශක බ්‍රිගෙඩියර් උදය නානායක්කාර මහතා පැවසීය.
ඔහු ප්‍රකාශ කළේ 50 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවය.
පොලිස් කැරලි මර්දන ඒකකයේ බස් රථයක් ඉලක්ක කර ගනිමින් අද දහවල් 12 ට පමණ කොටුව සම්බුද්ධාලෝක විහාරය අසලදී මෙම මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල විණි.