| 19 පහළ ක්‍රිකට් ලෝක
කුසලානය ඉන්දියාවට |
මාර්තු
02 - වයස අවුරුදු 19 පහළ ක්‍රිකට් ලෝක ක්‍රිකට් කිරුළ දිනා ගැනීමට
ඉන්දීය කණ්ඩායම අද සමත් විය. දකුණු අප්‍රිකාව
සහ ඉන්දියාව අතර පැවති තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දීය
කණ්ඩායම පන්දු වාර 45 යි පන්දු 5 ක් තුළදී සියලු දෙනා දැවී රැස්
කළ ලකුණු සංඛ්‍යාව ලකුණු 159 කි.
ඩක්වත් ලුයිස් න්‍යාය අනුව පන්දු වාර 25 කදී ලකුණු
116 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකා කණ්ඩායමට පන්දු
වාර 25 අවසානයේදී කඩුලු 8 ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු
103 ක් පමණි.
මේ අනුව, ඉන්දීය කණ්ඩායම තරගයේ ජය හිමි කර ගැනීමට
සමත් විය. |
| සචිත් පතිරණගෙන් කැපී
පෙනෙන දස්කම් |
පෙබ.
29 - 2008 වසරේ 19 පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මේ වන විට
වැඩිම ලකුණු රැස් කළ පිතිකරුවන් අතර පෙරමුණ ගෙන සිටින්නේ, ශ්‍රී
ලංකා ක්‍රීඩක සචිත් පතිරණය. ඔහු මේ වන
විට තරග 5 කදී ලකුණු 231 ක් රැස් කර ඇත.
මීට අමතරව, හොඳම ලකුණු සාමාන්‍යයක් රඳවා ගෙන සිටින
පිතිකරුවන් අතර සචිත් පතිරණ දෙවන ස්ථානයේ පසුවේ.
ඔහුගේ ලකුණු සාමාන්‍යය 77 කි.
එක් තරගයකදී පිතිකරුවෙකු රැස් කර ඇති වැඩිම ලකුණු
සටහනේ ද සචිත් පතිරණ සිව් වන ස්ථානය හිමි කර ගෙන සිටී.
ඒ, නොදැවී ලකුණු 97 ක් රැස් කරමිනි. |
| ඔස්ට්‍රේලියා - බංග්ලාදේශ
තරගය අත්හිටුවයි |
 පෙබ.
28 - 19 පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අයත් තවත් තරගයක් අද
ඔස්ට්‍රේලියාව සහ බංග්ලාදේශය අතර පැවැත්විණ. මෙහිදී
ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම සියලු දෙනා දැවී
ලකුණු 115 ක් රැස් කළේය.
පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියා
කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 18 ක් ලබා සිටියදී වර්ෂාව හේතුවෙන්
තරගය අතහැර දැමීමට සිදු විය. |
| සිම්බාබ්වේ සහ නේපාලය
ජය ගනී |
 පෙබ.
26 - 19 පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද
පැවැත්විණ.
මලයාසියාව සහ සිම්බාබ්වේ අතර තරගයේ ජය සිම්බාබ්වේ
කණ්ඩායමට හිමි විය.
සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 6 ක් දැවී රැස් කළ ලකුණු
186 ට පිළිතුරු ලෙස මලයාසියානු ක්‍රීඩකයින් සියලු දෙනා දැවී
රැස් කළේ, ලකුණු 142 ක් පමණි.
ඒ අනුව, සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 44 ක ජයක්
හිමි විය.
මේ අතර, නැමීබියාව සහ නේපාලය අතර පැවති තරගයෙන්
ලකුණු 4 ක තියුණු ජයක් හිමි කර ගැනීමට නේපාල කණ්ඩායම සමත් විය.
මෙහිදී, ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් නේපාල කණ්ඩායම
කඩුලු 8 ක් දැවී ලකුණු 143 ක් රැස් කළ අතර නැමීබියා කණ්ඩායම
රැස් කළේ ලකුණු 139 කි. |
| යොවුන්
ලෝක ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකාව ඉවතට |
පෙබ. 25 - වයස අවුරුදු
19 න් පහළ යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්වීමට
ශ්‍රී ලංකා කණ්ඩායමට අද සිදුවිය.
ඒ අර්ධ අවසන් පූර්ව වටයේ නවසිලන්තය සමග පැවති
තරගය පරාජය වීම හේතුවෙනි. |
| ඉන්දියාව අවසන් පූර්ව
වටයට |
පෙබ.
24 - වයස අවුරුදු 19 පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන්
පූර්ව වටයට පිවිසීමට ඉන්දීය කණ්ඩායම අද සමත් විය. ඒ,
අද පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී එංගලන්තය කඩුලු 7 කින් පරාජය
කරමිනි.
මෙම තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත
කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 146 ක් රැස් කළේය.
ඉන්දීය පිතිකරුවෝ 40 වන පන්දුවාරයේදී ලකුණු 149
ක් රැස් කරමින් ජයග්‍රාහී සීමාව පසු කළහ.
මේ අතර, සිම්බාබ්වේ සහ නේපාලය අතර අද පැවති තරගයෙන්
ලකුණු 99 ක ජයක් හිමි කර ගැනීමට නේපාල කණ්ඩායම සමත් විය.
නැමීබියාව සහ මලයාසියාව අතර තරගයේ ජය හිමි වූයේ,
නැමීබියාවටය.
මෙහිදී, මලයාසියානු පිතිකරුවන් රැස් කළ ලකුණු
144 ට පිළිතුරු ලෙස නැමීබියානු පිතිකරුවෝ ලකුණු 147 ක් රැස්
කරමින් තරගයේ ජය වාර්තා කළහ.
මේ අතර, බංග්ලාදේශය සහ දකුණු අප්‍රිකාව අතර පැවති
තරගයෙන් දකුණු අප්‍රිකාව ලකුණු 201 ක විශිෂ්ට ජයක් හිමි කර ගත්තේය.
මෙහිදී, බංග්ලාදේශ කණ්ඩායමේ සියලු දෙනා ලකුණු
41 කට දැවී යාම විශේෂත්වයකි. |
| 19 පහළ තරගාවලියේ
ඔස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාවට කඩුලු 5 ක ජයක් |
| පෙබ. 22 - 19 පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ
තවත් තරග 4 ක් අද පැවැත්විණ. ශ්‍රී ලංකාව
සහ ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර තරගය අද පෙනෑන්ග්හිදී පැවති අතර
ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 5 ක ජයක් හිමි විය.
ඔස්ට්‍රේලියාව සියලු දෙනා දැවී ලකුණු 172 ක් රැස්
කළේය.
ශ්‍රී ලංකා කණ්ඩායම 38 වන පන්දු වාරයේදී ලකුණු
175 ක් රැස් කරමින් තරගය ජයග්‍රහණය කළේය.
මේ අතර, පකිස්ථානය සහ සිම්බාබ්වේ අතර පැවති තරගයේදී
පකිස්ථාන පිතිකරුවන් ලකුණු 173 ක් රැස් කළ අතර සිම්බාබිවේ කණ්ඩායමේ
සියලු දෙනා ලකුණු 86 කට දැවී ගියහ.
මේ අනුව, පකිස්ථාන කණ්ඩායමට ලකුණු 87 ක පහසු ජයක්
හිමි විය.
ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර
පැවති තරගයේදී ඉන්දීය කණ්ඩායම ලකුණු 50 ක ජයක් හිමි කර ගැනීමට
සමත් විය.
එංගලන්තය සහ බංග්ලාදේශය අතර තරගයේදී බංග්ලාදේශ
කණ්ඩායම ලකුණු 13 ක ජයක් හිමි කර ගත්තේය.
ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම
සියලු දෙනා දැවී ලකුණු 149 ක් රැස් කළ අතර එංගලන්ත පිතිකරුවන්
සියලු දෙනා ලකුණු 136 කට දැවී ගියහ. |
| බර්මියුඩාව - නේපාලය
- දකුණු අප්‍රිකාව - නවසීලන්තය ජය ගනිති |
| පෙබ. 21 - වයස අවුරුදු 19 පහළ ලෝක කුසලාන
ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 4 ක් අද පැවැත්විණ. අයර්ලන්තය
සහ බර්මියුඩාව අතර පැවති තරගයෙන් ලකුණු 20 ක ජයක් බර්මියුඩා
කණ්ඩායමට හිමි විය.
මෙහිදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බර්මියුඩා
කණ්ඩායම ලකුණු 221 ක් රැස් කළ අතර අයර්ලන්ත කණ්ඩායමේ සියලු පිතිකරුවෝ
ලකුණු 201 කට දැවී ගියහ.
මේ අතර, නැමීබියාව සහ නේපාලය අතර තරගයෙන් නේපාල
කණ්ඩායමට ලකුණු 3 ක තියුණු ජයක් හිමි විය.
එහිදී නේපාලය රැස් කළ ලකුණු 164 ට පිළිතුරු ලෙස
නැමීබියාව රැස් කළේ, ලකුණු 161 කි.
දකුණු අප්‍රිකාව සහ පැපුවා නිව් ගිනියා කණ්ඩායම
අතර තරගයේ ජය හිමි කර ගත්තේ, දකුණු අප්‍රිකා කණ්ඩායමය.
මේ අතර, නවසීලන්තය සහ මලයාසියාව අතර තරගය ද අද
පැවැත්විණ.
මෙහිදී, මලයාසියානු සියලු පිතිකරුවන් ලකුණු
47 කට දැවී ගිය අතර නවසීලන්ත පිතිකරුවෝ 12 වන පන්දු වාරයේදී
ජයග්‍රාහී සීමාව පසු කළහ.
|
| නැමීබියාව පරදා ශ්‍රී
ලංකාව ජය ලබයි |
| පෙබ. 20 - වයස අවුරුදු 19 පහළ ලෝක කුසලාන
ක්‍රිකට් තරගාවලියේදී නැමීබියාවට එරෙහිව පැවති තරගයකින් ලකුණු
163 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
මලයාසියාවේ පෙනෑන්ග්හිදී පැවැති මෙම තරගයේ ප්‍රථමයෙන්
පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා වයස අවුරුදු 19 පහළ කණ්ඩායම පන්දු
වාර 50 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 247 ක් රැස් කළේය.
එහිදී ලහිරු තිරිමාන්න ලකුණු 68 ක් රැස් කළ අතර
කුසල් පෙරේරා රැස් කළ ලකුණු සංඛ්‍යාව 46 කි.
රොෂේන් සිල්වා නොදැවී ලකුණු 51 ක් රැස් කළේය.
ජයග්‍රහණය සඳහා ලකුණු 248 ක ඉලක්කයක් හඹා ගිය
නැමීබියා කණ්ඩායම පන්දු වාර 32 යි පන්දු 4 කදී සියලු දෙනා දැවී
රැස් කළේ, ලකුණු 84 ක් පමණි.
මේ අතර, සිම්බාබ්වේ සහ මලයාසියාව අතර පැවති තරගයෙන්
මලයාසියාව ලකුණු 70 ක ජයක් හිමි කර ගැනීමට සමත් විය.
ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් මලයාසියානු ක්‍රීඩකයින්
කඩුලු 8 ක් දැවී රැස් කළ ලකුණු 194 ට පිළිතුරු ලෙස සිම්බාබ්වේ
කණ්ඩායමේ පිතිකරුවන් සියලු දෙනා ලකුණු 124 කට දැවී ගියහ.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ පැපුවා නිව් ගිනියා
කණ්ඩායම අතර තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් කොදෙව්වෝ ලකුණු
319 ක් රැස් කළහ.
පැපුවා නිව් ගිනියා කණ්ඩායමට රැස් කර ගත හැකි
වූයේ ලකුණු 143 ක් පමණි.
ඒ අනුව, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 176
ක විශිෂ්ට ජයක් හිමි විය.
මේ අතර, බංග්ලාදේශය සහ අයර්ලන්තය අතර තවත් තරගයක්
අද පැවැත්විණ.
එම තරගයෙන් කඩුලු 8 ක පහසු ජයක් හිමි කර
ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.
|
| එංගලන්තය - ඔස්ට්‍රේලියාව
- ඉන්දියාව - පාකිස්ථානය ජය ලබයි |
| පෙබ. 19 - 19 පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ
තවත් තරග 4 ක් පැවැත්විණ. එහිදී, එංගලන්තය
සහ බර්මියුඩාව අතර පැවති තරගයෙන් ජය හිමි කර ගත්තේ, එංගලන්ත
කණ්ඩායමය.
බර්මියුඩා කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කළ ලකුණු
55 ට පිළිතුරු ලෙස එංගලන්තය කිසිවෙකු නොදැවී පන්දු වාර 10 යි
පන්දු 4 කදී ජයග්‍රාහී ලකුණු සීමාව පසු කළේය.
මේ අතර, ඔස්ට්‍රේලියාව සහ නේපාලය අතර තරගයෙන්
ඔස්ට්‍රේලියා කණ්ඩායම ලකුණු 96 ක ජයක් හිමි කර ගත්තේය.
ඔස්ට්‍රේලියාව මෙහිදී ලකුණු 206 ක් රැස් කළ අතර
නේපාලයට ලබා ගත හැකි වූයේ, ලකුණු 110 ක් පමණි.
දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග තරග වැදුණු ඉන්දියාව
කඩුලු 6 ක ජයක් හිමි කර ගැනීමට සමත් විය.
මේ අතර, පාකිස්ථානය සහ නවසීලන්තය අතර පැවති තරගයෙන්
ලකුණු 27 ක ජයක් හිමි කර ගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත් විය.
පකිස්ථානය රැස් කළ ලකුණු 156 ට පිළිතුරු ලෙස නවසීලන්ත
පිතිකරුවන් සියලු දෙනා ලකුණු 129 කට දැවී ගියහ. |
| ශ්‍රී ලංකාව - නවසීලන්තය
- බංග්ලාදේශය - දකුණු අප්‍රිකාව ජය ලබයි |
| පෙබ. 18 - වයස අවුරුදු 19 පහළ ලෝක කුසලාන
ක්‍රිකට් තරගාවලියේ දෙවන දිනය වූ අද තරග 4 ක් පැවැත්විණ.
එම තරගවලින් ශ්‍රී ලංකාව, නවසීලන්තය, බංග්ලාදේශය
සහ දකුණු අප්‍රිකාව ජය වාර්තා කිරීමට සමත් විය.
සී - කාණ්ඩය යටතේ පැවති ශ්‍රි ලංකා - නේපාල තරගයෙන්
ලකුණු 61 ක ජයක් ශ්‍රි ලංකා කණ්ඩායමට හිමිවිය.
මේ අතර, නවසීලන්ත කණ්ඩායම සිම්බාබ්වේ කණ්ඩායම
පරදා ලකුණු 98 ක ජයක් වාර්තා කළේය.
නවසිලන්තය කඩුලු 8 ක් දැවී ලකුණු 221 ක් රැස්කළ
අතර සිම්බාබ්වේ කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කළේ, ලකුණු 123
ක් පමණි.
අද පැවති තවත් තරගයකින් බර්මියුඩාව පරදා ලකුණු
178 ක ජයක් වාර්තා කිරිමට බංග්ලාදේශ කණ්ඩායම සමත්විය.
බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 50 අවසානයේදී කඩුලු
8 ක් දැවි ලකුණු 260 ක් රැස්කළ අතර බර්මියුඩාව සියලු දෙනා දැවි
රැස් කළේ, ලකුණු 82 ක් පමණි.
මේ අතර, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරදා කඩුලු
3 ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් විය.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර
50 අවසානයේ කඩුලු 8 ක් දැවි ලකුණු 222 ක් රැස් කළේය.
දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දු වාර 43 යි පන්දු
5 ක් අවසානයේ ජයග්‍රාහී සීමාව පසු කිරීමට සමත් විය. |
| ශ්‍රී ලංකාව නේපාලය
පරදවයි |
පෙබ. 18 - වයස අවුරුදු 19 පහළ ලෝක කුසලාන ක්‍රිකට්
තරගාවලියේ අද පැවති තරගයෙන් නේපාලය පරදා ලකුණු 61 ක ජයක් වාර්තා
කිරිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම
නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 236 ක් රැස්
කිරීමට සමත් විය.
සචිත් පතිරණ පන්දු 60 කදී රැස්කළ ලකුණු සංඛ්‍යාව
62 කි.
නායක අශාන් ප්‍රියන්ජන් ලකුණු 46 ක් සහ තිසර පෙරේරා
නොදැවී ලකුණු 41 ක් රැස් කළහ.
පන්දු යැවීමේදී නේපාල ක්‍රීඩක අම්රිත් බත්රායි
ලකුණු 42 කට කඩුලු 4 ක් බිඳහෙළීය.
ලකුණු 237 ක ඉලක්කයක් හඹා ගිය නේපාල කණ්ඩායමට
සියලු දෙනා දැවී රැස් කර ගත හැකිවුයේ, ලකුණු 175 ක් පමණි.
උමේෂ් කරුණාරත්න, නලීන් කව්කාර සහ ඇන්ජලෝ
පෙරේරා කඩුලු 2 බැගින් දවා ගත්හ.
|
| 19 පහළ ලෝක කුසලාන
ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි |
පෙබ.
17 - 2008 වයස අවුරුදු 19 පහළ ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින්
අද පැවැති තරගයෙන් ලකුණු 195 ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම
සමත් විය. ඒ, පැපුවා නිව්ගිනියා කණ්ඩායම
පරාජය කිරමිනි.
මලයාසියාවේ ක්වාලාලම්පූර්හිදී පැවති තරගයේ කාසියේ
වාසිය දිනා ගත් පැපුවා නිව්ගිනියා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට
පහර දීම සඳහා ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළේය.
ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා ගොඩ
නැගූ සබඳතාව ලකුණු 100 කි.
ප්‍රථම කඩුල්ල ලෙස තුරුවර් කොහිල් ලකුණු 40 ක්
ලබා සිටියදී දවා ගැනීමට කොලින් අමිනි සමත් විය.
තරගාවලියේ ප්‍රථම අර්ධ ශතකය වාර්තා කළ ෂවාට්ස්
ගොස්වාමි දෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේ, ලකුණු 58 ක් රැස් කර
ගෙන සිටියදීය.
දක්ෂ පිතිහරඔයක නිරත වූ තන්මි ශිවත්ස්තවා නොදැවී
ලකුණු 83 ක් රැස් කළේය.
ඉන්දීය කණ්ඩායම පන්දු වාර 50 අවසානයේදී කඩුලු
5 ක් දැවී ලකුණු 280 ක් රැස් කිරීමට සමත් විය.
ලකුණු 281 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි
පැපුවා නිව්ගිනියා කණ්ඩායමට සියලු ක්‍රිඩකයින් දැවී රැස් කර
ගත හැකි වූයේ, ලකුණු 85 ක් පමණි.
පැපුවා නිව්ගිනියා කණ්ඩායමේ පිතිකරුවන්ගෙන් ලකුණු
10 සීමාව පසු කිරීමට සමත් වූයේ, තිදෙනෙකු පමණි.
පන්දු යැවීමේදී ඉක්බාල් අබ්දුල්ලා පන්දු වාර 3
කදී ලකුණු 2 කට කඩුලු 3 ක බිඳ හෙළීය. |