| මැයි 18 - සම්බුදු තෙමඟුල සිහි
කෙරෙන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය හෙටට යෙදී තිබේ.
බුදු රජාණන් වහන්සේගේ ඉපදීම, බුදු වීම, පිරිණිවන්
පෑම මෙහිදී ලෝකවාසී බෞද්ධ ජනතාව වෙසක් උත්සවයේදී සමරති.
වෛශාඛ්‍ය මංගල්‍යය හා බැදුණු පුද පුජා පිළිබඳව
මහාවංශයේ ද සඳහන් වෙයි.
එහි 32 වන පරිචේඡදයේ 136 වැනි පිටුවේ මේ පිළිබඳව
දැක්වෙන්නේ, දුටුගැමුණු රජ දවස බුදු තෙමඟුල සිහි කරමින් සූවිසි
මහා පූජාවක් කරවූ බවය.
වෙසක් උත්සවය නිමිත්තෙන් ආමිෂ පූජා සහ ප්‍රතිපත්ති
පූජාවන්ට අනුව බුදුන් වහන්සේ පිදීම මෙහිදී විශේෂයෙන් සිදු කෙරේ.
වෙසක් තොරණ හා වෙසක් පහන් කුඩු නිර්මාණය කර ජනතාවට
ප්‍රදර්ශනය කිරීම ආමිෂ පූජා අතර වැදගත් ස්ථානයක් හිමි කර ගනී.
  
|